
දරු දුක හන්දා
නුඹේ ඇසින් වට කදුලින්
සත් සමුදුර තැනුණායයි
අදහන්නට මට බෑ අම්මේ . . .//
මොළකැටි මා පපුතුර සඟවා
දෙව්රම ගොස් මුණි බණ අසනා
එදවස සිට නුඹ හෙළු කදුලින්
දහස් සයුරු තැනුවැකි අම්මේ . . .
ඒ කදුලින් සමුදුර තැනුණායයි
අදහන්නට මට බෑ අම්මේ
රකිනු රිසින් රට රුපු පරදා
විජිතපුරේ සටනට ගියදා
ලොවට හොරා නුඹ හෙළු කදුලින්
දහස් සයුරු තැනුවැකි අම්මේ . . .
ඒ කදුලින් සමුදුර තැනුණායයි
අදහන්නට මට බෑ අම්මේ
2 comments:
ලස්සනයි..දිගටම ලියන්න
දිගු ගමනකට සුභාසිරි!
ඩනිෂ්ක
මහද විල නිති
පිපුණොත් කවි රසැති
මකරන්දේ එය ඇති
එහි ආ ගියොත් යහපති
Post a Comment