2008/06/24

වසත් සමේ දවසක










සීතල කදුලු වැස්ස
අදත් වසින්නා
කොපුල් ඉවුරු තලා
නෙතුපුල් මිලින වෙලා
සීතල කදුලු වැස්ස
අදත් වසින්නා . . .

රිදී ඉරක් සේ පායා
තිමිර මැදින්
බැස ගියේ කිම් ද නොදනිමි
දුක දෙවා නොනිම්
සෝ සුසුම් පවන් සැදී
රෑ තුන්යම ඉකිබිඳි . . . //

වසත් සමය කැඳවා
නුඹ කුරවි සරින්
කිම මැකී ගියේ හෙමිහිට
අව සඳක් ලෙසින්
නිදුකින් නම් නුඹ සකි
මේ දුක'දුර සැපතකි . . . //

2 comments:

Anonymous said...

ආ අදනෙ දැක්කෙ ඔයාගෙ අඩවිය. හරි අගෙයි. දිගටම ලියන්න සුබ පැතුම්

මකරන්ද said...

පිරී නෙක සුපැතුම්
ඔබේ යහ ඇමැතුම්
බිඳ පවුරු පදනම්
බඳියි නොසැලෙන මිතුදම්