2008/06/25

සරතැස











නුඹ සිත මෙන් මලක් නොවී
ගලක් වූ නිසයි මා සිත
කැටයම් කළ ඒ සැමැරුම්
අදත් සදන්නේ සරතැස

සුළං රොදක සැහැල්ලුවෙන්
නුඹ නටුවෙන් ඉගිලුනාට
නුඹේ නමින් කුරුටු ගෑව
කැටපත් පවුරකි හදවත

පිණි බිඳු සේ මා මතකය
විසිකර නුඹ හිනැහුණාට
පෙති සපුරා මහද පිපුණ
සඳකඩ පහනකි නුඹ මට

3 comments:

kasun said...

නියමයි :-). දිගටම ලියන්න

Anonymous said...

හරි අපූරුයි ඔයාගෙ කවි. දිගටම ලියන්න. නිදහසේ ආයෙත් කියවන්න ඕනේ

මකරන්ද said...

සුහද කොහි හෝ සිට
එනු මැන මෙහි විටින් විට
කුකවි අතදරු මට
නුඹය කවියේ එළිවැට