2011/12/12

සඳ නැති දා . . .














වසත් සමය සිතින් දරා
සක්මන් කළ මාවත්වල
පරඬැල් දෙපයට පෑගී
ඉකි බිඳිනා හඬ ඇසුයෙද

පැතුම් කැකුළු සිත් පොඩියේ
පෙරුම් පිරූ කල්ප සතක්
විකසිත වන්නට පළමුව
නටුයෙන් බැස යනු දුටුයෙද

යළි කිසිදා සඳ නො නැඟෙන
අඳුරු කොදෙව්වට ඉහළින්
පාන් තරුව ලෙස පායා
මා සනසන්නට සිතුයෙද

අහිමිව පුරපස පෝ සඳ
මෝරන මෙසසර දුක'ඳුර
කන මැදිරි සිලක් දල්වා
කිව මැන නවතනු කෙලෙස ද