2008/06/24

පාළු අහස යට










මේ පාළු අහස යට
රන් තරුව නුඹයි මට
සරතැසට යදඬු වැට
නුඹ මිසක කවුද මට

මුදු සිසිල සදන මට
පිය තෙපුල් සිනාවට
ඈත තරු උවම් කළාට
සමාවෙයන් මට
සමාවෙයන් මට

කලකිරෙන විටක සිත
දිවි බදුන පුරා මට
ජීවිතය දෙන්න දෝතින්
මේ සසර පුරාවට
මේ සසර පුරාවට

2 comments:

Anonymous said...

අදනේ දැක්කේ ඔයාගේ අඩවියේ සටහන්. හරිම ලස්සන අදහස් ටික. දිගටම ලියන්න . ඔබට ජය.

මකරන්ද said...

පිරී නෙක සුපැතුම්
ඔබේ යහ ඇමැතුම්
බිඳ පවුරු පදනම්
බඳියි නොසැලෙන මිතුදම්