2008/06/23

සියඹලාව











තිසා වැවට සඳ වැටිලා
සඳ වතුරින් වැව පිරිලා
වාන් දමා ඒ සඳ දිය
හීන් දොලේ තෙපලනවා

නෙළුම් පත් යටින් පිහිනා
කුඹුරට සඳ දිය ගලලා
රන්වන් රන්වන් පාටට
අනාගතය කිරි වැදිලා

වැව අසබඩ සියඹලාව
පාමුළ මම හුදකලාව
අනාගතය නෙළා ගන්ට
අත දෙනතුරු ළතැවෙනවා

6 comments:

සු෴ said...

මේ සඳලි ‍ක. නංගි ද ??
බ්ලොග් එකකින් දකින්න ලැබීම සතුටක්.
දිගටම ලියන්න...

අපි ඉන්නේ කියවන්න යි.

: )

ජය !

මකරන්ද said...

පිරී නෙක සුපැතුම්
ඔබේ යහ ඇමැතුම්
බිඳ පවුරු පදනම්
බඳියි නොසැලෙන මිතුදම්

සු෴ said...

අගෙයි මේ කවිකම්
ඇගයුමට නැහැ මැලිකම්
හද බිතෙහි සිතුවම්
සුරකිම් නොකර ලොබකම්


: )

මකරන්ද said...

සොය සොයා කව්මිණි
කිමිදෙමි ඇසිල්ලෙනි
ලද දිනෙක ඒ මිණි
පළදමි ඔබට සබඳිනි

ඩනිෂ්ක said...

මට නම් සූ වගේ කවියෙන් කියන්න අමාරුයි.:(
සරලව කියන්නම් ලස්සනයි..

නිදිමත වෙලාවක බ්ලොග් වල රවුමක් යද්දියි මෙය නෙතගැටුනේ..

දිගටම ලියන්න. :)

මකරන්ද said...

හැමදාම එනවා නම් විත් යන්න
කාංසිය මා අතැර යයි යන්න
සිත් විලේ කව් කුමුදු හිනැහෙන්න
සඳපාන වී ඉතින් පායන්න