::෴මකරන්ද෴::
මං කවිකාරිලු මං කවිකාරිලු ගජමන් නෝනාට වැඩි කවිකාරිලු !!!
2008/11/28
1983
තල්ලඩි හංදියට උඩින්
මන්දාරම් අහස දිගේ
පෑයූ දේදුනු පාලම
කොච්චර නම් ලස්සනයි ද?
සිරි සිරි සිරි පොද වැස්සේ
විදිලි අකුණු ගෙරවුම් මැද
වගක් නැතිව හිනැහෙන කොට
කොච්චර නම් ලස්සනයි ද?
වෙඩි වැදිලා මහ කුලුනට
පාට හතම සී සී කඩ
විසිර ගියේ සිහිනෙන් නම්
කොච්චර නම් ලස්සනයි ද?
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)