2008/06/25

බිරින්දෑවරු











මතු බුදු වන බෝසතුන්ට
මුවින් නොබැණ විවරණ දුන්
බුදුන් දකින නිවන් දකින
බිරින්දෑවරු
සසර අතරමග නිවනයි
බිරින්දෑවරු . . .

තෙමා වැටෙන සළුපිළියෙන්
දුක දිය කළ කදුලැල්ලෙන්
සප්ත සයුර ලුණු රස කළ
බිරින්දෑවරු
සසර අතරමග නිවනයි
බිරින්දෑවරු . . .

දිනා සසර බුදු වන තුරු
වනස්පති වෙවී ළඟවුන්
බුදු පුද ලද මහ ගුණ කඳ
බිරින්දෑවරු
සසර අතරමග නිවනයි
බිරින්දෑවරු . . .

4 comments:

තරිඳු said...

"මං කවිකාරිලු මං කවිකාරිලු" කව්ද කිව්වෙ?
නැහැ නිකමට ඇහුවෙ ඇත්තටම කවි ලස්සන හින්දයි.. ඊයෙ දැක්කේ මුකුත් ලියන්ඩ වෙලාවක් තිබ්බේ නෑ. බ්ලොග් එකයි ලියපුවයි හරි ලස්සනයි. දිගටම ලියන්ඩ.
දිනූ පසුද සසර කතර
නොවී දුරට වී අහවර
ලඟින් පැමින මරු පරදන
බිරින්දෑවරු
සසර අතර මග නිවනයි
බිරින්දෑවරු
තරිඳු

Anonymous said...

මොනව කියන්න ද? ඇත්තටම හරිම ලස්සනයි පද වැල් ටික. දිගටම ලියන්න. :)

මකරන්ද said...

ඔබේ ඇමතුම්
නිවා හද ගිම්
සදන සැනසුම්
කෙසේ පවසම්

දුකා said...

හරිම අපූරුයි . . . යසෝදරාවත මතක් වුනා . . . සෝමා ජයකොඩි ගේ සිදුහත් යසෝදරා පොත මතක් වුනා