
මලට මකරන්ද වෙන්නට
සඳට සඳ එළිය දෙන්නට
කොළොම්තොටින් හනික එන්න
මා හද කිරි උතුරන්නට
කඳු ඉනිවැට පියමං කර
එන තුරු නුඹ පොඩි අහසට
කුමුදු කැකුළ මඟ බලාවි
උළුවස්සට බර දී ගෙන
උඩුගං බසයෙන් බැහැලා
කඩුල්ල ළඟ පූදින සඳ
ඇතෙක් බරට සතුට ගලයි
පොඩි කැදැල්ල දෙගොඩ තලා
මුමුන මුමුන තෙපුල් නේක
දැවැටි දැවැටි සුසුම් පාස
පාන නිවා නිල් තරු කැට
තුරුල් වේවි සඳ පපු'තුර
4 comments:
හරිම සෞන්දර්යාත්මකයි.
ඒ නිසාම අර උළුවස්ස උඩ ඉන්න "කුමුදු කැකුළ"ට දැනෙන දේ අපටත් දැනෙනවා.
දිගටම ලියන්න දිරි පතනවා. ජය !
හරිම ලස්සනයි.
සෙත්.
කොලොම් තොටින් ගොඩ බැසලා
පිය මනිනා සහෘදයනි
පිළිගන්නට පෙරමග එයි
දයාබරව ඔබෙ පෙමිවතිය
ලස්සනයි සුභ පැතුම්.
මහ කවි සභා මැද
අමා කව් රස විඳ විඳ
අත දරු මා බොළඳ
ලියූ කව එතරම් ම මිහිරි ද?
Post a Comment