
අවමන් නින්දා මහ වරුසාවේ
සිත පෑරි දෙනෙතින් ගලනා සඳ
නුඹේ දයාබර මුදු බැල්මෙන් මා
ආතුර වූ සිත සුවපත් වේ
සිනාවතින් නිති ළඟ දැවටී
අකුණු සරින් හද දවන රුපුන් මැද
නෙතුමානේ නුඹ ගැවසෙනවා නම්
බෝ මළුවක සුව හදට දැනේ
දහසක් දුක් ලැබ මුකුලිත වී
කටු අකුලේ වැතිරී සිටිනා සඳ
පවනක් වාගේ නුඹ එනවා නම්
දුක සේදී තුන්සිත ම නිවේ
3 comments:
ලස්සනයි!. :)
සොයා කවි
ඇවිත් මෙහි
පැතුම් වැහි
සැදූවෙහි ?
Post a Comment