
ගිමන් සමේ දවසක සවසක
පායා ආ මා සිත් අහසට
පුරහඳ නුඹ
නුඹ පුරහඳ
එක සිතින් පෙම් කළ වරදට
නෙක බැනුම් පිරිපත විඳිමින
මා හුන් කළුවර විජිතය
මුතු සිනාවෙන් එකලු කළ
කලාසපිරි පුරහඳ නුඹ
නුඹ මැවූ සිහින මල් උයනත
මා පෙමින් වෙළා සිරගත කොට
හදේ ගැඹුරුම තැනින් නික්මි
මැකී ගියත් හෙමි හෙමිහිට
කලාසපිරි පුරහඳ නුඹ
3 comments:
ලස්සනයි.
පිරිපත කිව්වෙ කුමකටද?
බාධා උවදුරු ද
දොස් සහ අනතුරු ද
විරෝධය යන අරුත ද
පිරිපතෙහි ඇත නැතිව මද
ලස්සනයි !
Post a Comment