2008/07/14

අබිනික්මන











සුවඳ කැවූ පෙම් පත්වල සීදේවී
දකින දකින හීනේ පින්සර දේවී
බොළඳ තෙපුල් බොල් සුළඟේ ගොස් පාවී
කුලගේ දුක'ඳුරේ අද ඈ මූදේවී

නිලුපුල් දෙපෙති රතු වූයේ හඬා හඬා
සිසිවත වසා ලප මතු විය වඩා වඩා
කනකර බරණ උදුරා ගෙන කඩා වඩා
අසුපිට නැගී සුරලොව යයි සුරා සොඬා

නපුරු හීන දැක රෑ යම වැලපෙනා
දෑලේ හොවා ගෙන ජාලිය ක්‍රිෂ්ණජිනා
ගිනිහුල දියේ ලෑ යළි අතට ගෙන මනා
බැස හැර යන්න පිල්කඩ අසල නැවතුණා

සොඳුරු සිහින හළු කොට නැඟී බුර පුරා
ගෙයි ගිනි පිට නොදී තනිවම සිතේ දරා
ඉහිරී පතිකුලය උණු කඳුලු පෙර පෙරා
අබිනික්මන් කළා අවසන යසෝදරා

4 comments:

නිලන්ත පියසිරි said...

අපූරුයි වගේම ලස්සනයි.

මකරන්ද said...

කව් මී බඳින්නම්
මකරන්ද ඉන් පුරවන්නම්
සබඳ එනතුරා මම්
කඩුල්ලේ ඇස තියා ඉන්නම්

EPI said...
This comment has been removed by a blog administrator.
situvili said...

හැබැවටම ලස්සන කවි පංතියක් :)