
දිනෙක මා මේ සිරුර අතහැර
නොකියාම යමි තරහ නුවු මැන
බධා සීතල සිරුර වැදහෙව
නොවැළපෙන් ඒ තමා දියදම
නිදි වරා දින ගණන් පිරිවර
තබා මැද ගේ ජරා මළකුණ
රකිනු රිසි පෙර පුරුදු පිළිවෙත
මගේ දවසට කඩාලනු මැන
ඔතා රෙදි කඩ මෘත දේහය
සුවිසි පෑ ගත වන්ට පළමුව
යට කරනු මැන පසට පොහොරට
දලුලන්න හෙට දවස ඒ මත
මා නමින් මේ බිමේ කිසි දින
අඹන්නට නොසිතනුය කොත් හෙම
වවා නෙක තුරු මලින් බර සඳ
එක මලක් මෙහි තබා යනු මැන
3 comments:
අගනා කවි පෙලක්. ස්තුතියි!
හරිම ලස්සන කවි පෙලක්. දිගටම ලියන්න.
පැමිණ මකරන්දට
එහි කවි ඇබින්දට
නිතොර රොද බැන්දට
තුති පුදම් වැකි බැන්දට
Post a Comment