2008/07/03

කුමාරි











අකල් මරණයට කැපවුණු
අපේ අහිංසක පෙම ගැන
කඳුලු බිඳක් නැති වුණාට
නුඹේ ඇසේ කුමාරි . . .
ඇස් සහසක කඳුලු සලා
හැඬුවා මම කුමාරි

දවස පුරා මා හඬවා
රැ සිහිනෙන් කඳුලු පිසින
නුඹට හරිම ආදරේලු
තවමත් සිත කුමාරි . . .
පරවෙන්නැති එකම මලයි
මට නම් නුඹ කුමාරි

රැ සිහිනෙන්වත් ඇවිඳින්
මා හිස සිඹ සනසන්නට
කොතැනක හෝ නුඹ සතුටින්
ඉන්න ඕන කුමාරි . . .
සෙනෙහස පිරි සිටු මැදුරක
රැජින වෙයන් කුමාරි

හිරිහැරයක් නම් මතකය
ඒ සැමරුම් තටු සිඳලා
සඳලුතලෙන් මහවැලියට
විසි කරන්න කුමාරි . . .
මට හමු වෙයි ඒ සුපැතුම්
ගඟ පතුලෙදි කුමාරි

2 comments:

Hemali said...

HARIMA LASSANA GEETHAYAK. KIYAU PALAMU SEREDIMA HITHATA GODAK LAN UNU GEETHAYAK UNA. HONDA ANAGATHAYAK PERAMAN SALAKUNU OBAGE DAKINNA PULUWAN ME THULIN.

මකරන්ද said...

සතුටුයි ප්‍රශංසාව ගැන. ලබාදුන් දිරියට පිං.හේමාලිටත් හොඳට ලියන්න පුළුවන් බව ඔබේ බ්ලොග් අඩවියේ ලියපු එක ම කවියෙන් පැහැදිළියි. දිගට ම ලියන්න උත්සහ කරන්න.