කොළඹ කොන්ක්‍රීට් සොහොනෙහි
හීල් සුළං සඳට හඬන
සිටුපුත් සිත සනසනු වස්
නිදහස් සතරැසට වදිමි
ගල්මුවා මඟෙහි අසබඩ
නා තුරු යට තණ පලසෙහි
බුහුටි රටා වල් බිහි වී
තුත්තිරි මල් පිපී තිබේ
තුරුපතරෙහි ප්‍රභාමත්ව
කසුන් වැටක් සේ දෙව්ලොව
දිලුණු පහන් වැටෙහි පහන්
එක දෙක ඇස් පියාගෙනය
යනෙන දහස් දන කැඳවා
දැවෙන තැවෙන සිත් සැනසූ
කුට්ටම් පොකුණේ දියවර
අකාලයේ සිඳී ගොස් ය
බැරක් ඔබාමාගේ වෙස්ගත්
ගම්බිර ඩීඑස් පිළිරුව
කිරා වැටෙන සිහ රූ මැද
අභිමාණෙන් මදෙස බලයි
අකුණු හඬට පුංචි එකෙකු
මව් තුරුළට දුවන විලස
මම ආපසු ඉගිල්ලුණෙමි
කොළඹ දිව්‍ය විමානයට
No comments:
Post a Comment