2015/09/21

සකුණ ගී හඬ මැකුණු අරුමය...



වසා සිසිවත
නැඟී මුණිවත
සදන පිරිපත
පෙළයි හදවත

බොහෝ දුර සිට
තෙපුල් රස කොට
බිණු සැටි මට
නැඟෙයි මතකෙට

ඔබේ ගී විඳ
සුදු සිනා මැද
ඉපිලි මම අද
හඬමි ඉකිබිඳ

තරු ඇසක් මෙන
කිම ද පියමැන
ගියේ සැනෙකින
කියා දෙනු මැන

No comments: