මා සඳුට...!
හද අහස සුදු සේල දවටාන
සිකුරු තරු ඉඟිබිඟි ද ඉවසාන
තටු සලන හැඟුම් විහඟුන් රෑන
පැතුම් හී සරින් බිමලමි තාම
පෝරුවක තබනු රිසි වයිසාක
සුදුසු කුමරෙකු සොයන දඟගේක
වෙසෙමි මම උසුලමින් දුකසෝක
සිල්ප දක්වනු මැනවි ළඟ දාක
මුමුණමින් දෑසඟින් පෙම් ගීත
සැඳෑ සක්මන පිණිස ළඟපාත
ගංදෑල සරැලි දිය මත සීත
ඇවිද යයි සිත අදත් දුරඈත
ඇසිපියන් තෙමන විට වලාහක
සැඩ සුළං නැඟෙන හද මුලාවක
පෙරත් සසරෙහි වගේ සිනාවක
පහන් කළ මැන ඉතින් අමාවක
No comments:
Post a Comment