2013/07/25

උණහපුළු ප්‍රේමය




ස්වයංජාතව මහද උපනැයි
නුඹත් දොස් දෙන දුගී සිහිනය
ළසෝ ගොහොරුව මතින් නැඟ සිට
සුවඳ කළ යුතු නැති ද පෙම් ලොව

ආදරේ මුල'කුරු කියා දුන්
නීල ඉඳුවර නුඹේ දෙනුවන
වහා කටුගැයේද සොඳුරිය
අතීතය දිය ඇඳි ඉරක් ලෙද

සිරි යහන වට සුදු නෙළුම ගෙන
ඇතෙකු පැදකුනු නොකළ පමණින්
අනේ නොකරනු මැනවි නින්දා
අගෙයි මට මගෙ උණහපුළු පෙම

පළඳවා කටු ඔටුනු හිස මත
රැගෙන ගොස් කල්වාරි මුදුනට
වනේ ලා මව් ලවා කොටවා
මිලින කරනට නොහැක ඒ පෙම

සඳුන් සිසිලැති සිනාපොදකට
පුරාහඳ ලෙද නැඟී හදගැබ
දිලෙන පෙම මුදු පවන් රැල්ලකි
නුඹේ මුණිවත් වීසිදැල ළඟ

1 comment:

රතී, said...

පද පෙල නම් අගෙයි බෙහොම. වියත් විදිහට ලියලා තියෙන හැඩයි. ලස්සනයි. රිපලයි පදපෙලත් ලියන්න මගේ කවි දැනුම නම් මද බැවින් කමා වුව..