2013/05/19

රාත්‍රියකට සිහින අවැසිය ... !


















නුඹේ ඉඟි බිඟි
දිය පොහොර ලැබ
මහද පිපි පෙම්
කුසුම එදවස

පාළු නිරුදක
මහද කතරට
කෙම් බිමක් යැයි
බිනූ සකිසඳ !

තනා සුන්දර
සිහින මන්දිර
කනේ ලූ මී
රසට මිතුරුව

නේක සිටුවර
දෑත් මඟහැර
නුඹේ දෝතට
පිදූ ඒ මල

සෙමෙන් අතහැර
ඉවත යන සඳ
කෙලෙස දොස්
පවරම් ද නුඹ හට

රැයක් එළිකොට
බසින සඳ සඳ
කෙලෙස වළකනු
නිල් අහස වුව

පිරූ පෙරුමන්
පෑරුවද සිත
රාත්‍රියකට
සිහින අවැසිය

No comments: