2013/03/18

මටත් හෙටත් දෝතට ගෙන
























තරු කසළින් හැඩි වී ගිය
අහස් මිදුල හැන්දෑවට
සුළං මුස්න ගෙන අමදිමි
අදත් එදා වාගෙම මම

පැහැදුල් නිල් අහස දිහෑ
බලපොරොත්තුවෙ දෑසින්
පේවී මඟ බලා ඉඳිමි
අදත් එදා වාගෙම මම

නිමා දැමුවෙ නුඹ එදවස
නුඹ දැල්වූ පහන් නිසා
දැල්විය යුතු එසඳ පහන්
හෙට දවසේ නුඹම තමා

එලා රන් පලස් පෙර මඟ
යොමා නෙත් අනන්තය වෙත
පුරා කප් සහස් කල් මම
බලා ඉමි වඩින තුරු නුඹ

අහවර කර මේ අවපස
පුරා හඳක් වී සොමිබර
වඩිනු මැනවි මල් යහනට
මටත් හෙටත් දෝතට ගෙන

No comments: