2013/01/10

රිසානා ... ට























කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා
වනේ පිපි කුසුම වාගේ රුවට බැබලුණා
අනේ ගුරු ගෙදර පොත පත සිහිනයක් වුණා
අරාබියේ වාල් මේයට යන්න සිදුවුණා

සෙල්ලම හුරු මුදු දෑතට වැඩ සහසක් පැවරුණේය
අවිහිංසක පැතුම් පරව කඳුලැලි වැසි බෝවුණේය
දෙවියන් නැති නිමේෂයක නුඹේ ඉරණම විසඳුණේය
අහසින් පැන රාමලාන් සඳ හනිකට සැඟවුණේය

උපන් බිමට බර වැඩි වී වාල්කමට දුන්නු නඟේ
නුඹ විඳි පිරිපත මා හද දංගෙඩියක තබයි නඟේ
ඉසුරු පතා අරාබියට අඟනුන් මිල කරන රටේ
උපදින්නට පතනු එපා මතු කිසිදා පුංචි නඟේ !

No comments: