2013/01/02

මතක වත




(ආදර සාමාට....)

නියා දම විලස බුදු හිමි පෑ මෙතිනී
නොයා බැරිය ආවොත් යා යුතු හෙයිනී
කියා දී සසර සැප මොහොතක් පමණී
ගියා නුඹ ගියා මා තනි විය ඉතිනී

දුක ද සැප විලස මා හා සසර පුරා
සිනාසිසී විඳ පිරිපත හදෙහි දරා
මට ම පිහිට වී කළ පිං පෙරුම්පුරා
සෑහේ උතුම් නිවනට මගෙ යසෝදරා

මහද බැඳ දමා දිවියට මඳහසිනී
තැවුල් ගෙන සතුට දන් දුන් මනනඳනී
නුඹත් ගිය හෙයින් බැඳි වරපට ලිහිණී
මමත් හනික එමි කළ යුතු එය පමණී 
 

No comments: