
පෙරදා අප සතුටු පලස් මතින පෙමින්
ආදරයේ සුළං රොදක වෙලී නොමින්
ඇවිද ගියා මතකයි මට ඔබේ ළගින්
තුම්මුල්ලේ බුදු හිමියනි වඩන බවුන්
ඉපිලි ගියත් මා හද රූ සඳින් ගඳින්
බැලුවා මතකයි ඔබ දෙස මහත් බැතින්
එකල මවෙත ලූ බුදු නෙත් පහන් මැදින්
නොදුටු පරම තතු දකිනෙමි මෙදා සොඳින්
ඉන්ද්‍රඛීලයක් වාගේ ගිරග නැගී
බලා සිටි ඔබ මා දෙස කුළුණු මෙතින්
සැපට මෙන් ම දුකටද සම සිතින් නිතින්
නොසැලි ඉන්නට දෙසු බව මතක තියේ
රිදෙන දෙපා පිරිමදිමින් සෙමින් සිතින්
තනිව යනෙන විට මා දැන් නුඹේ ළඟින්
නොමළ ගෙයින් අබ සොයන්ට නොහැකි බැවින්
හොරෙන් බලමි නුඹ දෙස පසුතැවෙන ඇසින්
No comments:
Post a Comment