රන්වන් පාටින් දලු නා බෝධිය
නිල්වන් පාටින් කොළ නා බෝධිය
ග්රෑන්ඩ්පාස් පල්ලිය ළඟ පිහිටිය
කපා දමමු අපි එ'කපුටු බෝධිය
දුහුනන් පුද දුන් එ'කපුටු බෝධිය
බැම්මෙන් වට කළ එ'කපුටු බෝධිය
පිරිත් පැනින් නහවා එමැ බෝධිය
සාදු කියා පෙරළමු එමැ බෝධිය
උඩ මලුවේ අඩ හඳකි රවන්නේ
හඳ මැද්දේ තරුවකි පුපුරන්නේ
මාර සෙනඟ දසතිනි දිවැ එන්නේ
බෝධි සමිඳු අපවත් කරලාන්නේ
මුනි පා පහසින් සැනසුනු භූමිය
ගෞතම බුදුනට පුද දුන් භූමිය
කරුණා ගොළු මුහුදේ ගිලි භූමිය
බෝ රුකකට ඉඩ මදි වූ භූමිය
රන්වන් පාටින් දලුලන බෝධිය
අනුරපුරේ ජයසිරි මහ බෝධිය
හෙට කපුටෙකු හට දා වනැ බෝධිය
කපා දමමු හෙට එ'කපුටු බෝධිය
1 comment:
කතා කරලා වැඩක් නෑ අප්පා... ෂික්...
Post a Comment