2012/09/19

සදාතන අමාවක




නිවා ගත සරතැස ද
සිත සඳුන් කැන් උලන
වටාපත් ගෙන හමන
මඳ පවන කොයින්දෝ

ළං වත්ම සුබ මොහොත
ගයා ආසිරි ගීත
දොඩමළුව ඉඟි කරන
මිතුරු තරු කොයින්දෝ

වලාකුළු සිරි යහන
සරසන්ට නුඹ නමින
සුමුදු බඳ සුව සදන
කසී සළු කොයින්දෝ

ළපත් අග පළඳාන
නුඹ මුදුන් වූ කලට
සුදු සිනාපාන්නට
කොඳ කැකුළු කොයින්දෝ

වියෝ ගිනි අකුණු වැද
හද අහස ඉරි තැලී
ඉකි බිඳින පෙමට සරි
පෙමක් වෙන කොයින්දෝ

මහද අවපස අහස
පුන් පෝය දල්වන්න
නුඹ මැ මිස මෙදිය කුස
අන් සඳක් කොයින්දෝ

4 comments:

හේම ජයන්ත කොළඹගේ said...

එකම එක සඳක් ගැන
නිරතුරුව දොඩවන
එහෙත් ඒ සඳ ගැනම
තව කිසිත් නොදනීද???

සඳ හැම විටම හැම දාම
නුඹ ලඟම සිටී නම්
අවපසක් පුරපසක්
කෙසේ නම් එළැඹේද???

වියෝ ගිනි අකුණුමයි
ජීවිතයට හැමදාම
සුභ මොහොත යැයි කියන
මොහොත අශුභයි නියත..

හේම ජයන්ත කොළඹගේ said...

එකම එක සඳක් ගැන
නිරතුරුව දොඩවන
එහෙත් ඒ සඳ ගැනම
තව කිසිත් නොදනීද???

සඳ හැම විටම හැම දාම
නුඹ ලඟම සිටී නම්
අවපසක් පුරපසක්
කෙසේ නම් එළැඹේද???

වියෝ ගිනි අකුණුමයි
ජීවිතයට හැමදාම
සුභ මොහොත යැයි කියන
මොහොත අශුභයි නියත..

වැසි දැරිය said...

නිවන්නට ගත වෙහෙස
සිත සදුන් කැන් උලන
වටාපත් ගෙන හමන
මද පවන් නැතුවාට

ළං වත්ම සුබ මොහොත
ගයා ආසිරි ගීත
දොඩමලුව ඉගි කරන
මිතුරු තරු නැතුවාට

වලාකුළු සිරි යහන
සරසන්ට ඈ නමින
නොයෙක දේසෙන් ගෙනා
කසී සළු නැතුවාට

සැබෑ සදවතක් නම්
ඇගේ මුදු හද කුසුම
රැදෙනු ඇත නුඹ අසළ
සෙනේ යනු එය නොවෙද

ඉතින් කෙලෙසද කියන්
"සදාතන
අමාවක"?

Nagalakanda N M V said...

සදාතන
අමාවක