2012/06/11

සෙවනැල්ලක්




ළබැඳි මිතුරු දම් හද තිරසර බැවිනි
දුකට සැපට දෙකට ම නිති සම සිතිණි
රුවක් විලස බිතු සිතුවම් ළඟ රැඳිණි
පෙර'ත් බවෙක සොයුරෙකු යැයි මට සිතුණි

3 comments:

Tharurasi Fernando said...

ඔයාගෙ කවි හරිම ලස්සනයි... විඳින්න පුළුවන්.... අකුරු තව ටිකක් ලොකු වුණා නම් හොඳයි.... අගෙයි... ගජමන් නෝනට වැඩි කවිකාරියක් තමයි...

වැසි දැරිය - The Rain Girl said...

ළබැදි මිතුරුදම් හද තිරසර කෙරෙත..
සැපට මතු නොවේ.. දුකටත් සිත නිවත..
බිතු සිතුවමටත් වැඩියෙන් ළග රැදෙත..
ඉතින් සෝයුරෙක්මැයි නිබදව සිතෙත..

මකරන්ද said...

ඇවිත් සොයා නව කවි ලියැවී ඇද්ද
කුකවි මගේ කවියක රසහව් වින්ද
සොඳුරු පිය වදන් ගවසා මකරන්ද
නිතින දකින නුඹ සරි සතුටක් ඇත්ද ?