2012/01/26

මිතුරියට . . .


















විකසිතව මල් විහඟ ස්වරයෙන් තුරු පතර
ගයයි ආසිරි ගීත සුළඟ හා අති මධුර
ජීවිතේ වසන්තය රැගෙන එන මල් පොකුර
දෝතින් ම පිළිගන්න ! සහස් සුපැතුම් අතර

පළඳා තුටු කඳුළක් හිරු සඳුගේ නෙත් අතර
මිතුරු නෑසිය මුවින් නැඟෙන ආසිරි අතර
උදාවන දින අදයි ජීවිතේ නව වසර
මිණි පහන නුඹ වෙන්න ! පිය නඟන කුල ගෙදර

2 comments:

Unknown said...

මේවා කියනවද මිතුරියන්ට ඈ....

වැසි දැරිය - The Rain Girl said...

ගොඩක් ලස්සන කවියක් අක්කි.. මගේ හොදම යාළුවා කසාද බදින දවසට මාත් ලියයි මේම කවියක්!