2011/11/21

නව සඳ . . .

















අඳුරු රැයක පීදුණු සුදු සඳක් වගේ
කඳුලු ගඟක හමු වුණු තොටමුණක් වගේ
ගිමන් කලෙක වට වැහි කෝඩයක් වගේ
නුඹ වැඩියා තනිවුණු හදවතට මගේ

සඳ නැති අහස පැතිරුණු කළු වළා වගේ
තොටමුණ බද හැඩි ගල් තොලු කපොලු වගේ
වැහි කෝඩයට පෙර ආ සැඩ සුළඟ වගේ
පෙර මග ලකුණු පවසයි සඳ නැඟෙන රඟේ

No comments: