පතපොතින් සිතුවම් කළ රූපයෙන්අප ඇඳින ගත් ඒ මිනිසා විසල්සතුරන් මැ නො ව වඳුරු මිතුරන් ද දැන්යළි යළිත් මරනා සැටි දැක තැවෙම්වනස්පති වී දැයට සෙවනක් සදාසෙතක් වන්නට ඔබ සිටවූ ගසේඅතු ඉති ද බිම ලා කඳ පමණකිපොරෝ පිහි ගත් උන් ගස මුල රකීඔබ හදේ ඉපදී මහ ගඟක් වීදස දහස් හදවත් සිසිලෙන් තෙමාගැලූ ගඟ පටුව දිය කීරක් ලෙසින්ගලයි මරු කතරකට අද කැහැටු වීමාක්ස් ලෙනින් හා උරෙනුර ගැටීවඩා හිඳුවා උන් කැප්පෙටිපොළත්නුඹ නොමැති දා මගෙන් කිම් දැයි සිතාබැස ගිහින් ජාතියේ කොඩියත් අරන්සමාජවාදයේ ඇත් පිට තබාදෑ-ප්‍රේමයේ කරඬු මහ පෙරහැරෙන්වැඩම කළ යුගය අවසන, දැන් අහෝ!වඩිති වල් අලි දනන් පුදතියි සිතාරට ම අස්වද්දන්න දිය පොහොර දීගැලිය යුතු ගඟ මෙදා වල්මත් වෙලාමැරි මැරී ජනසුන් කතරක් මැදින්ඇදෙයි ජන හද සුසුම් පාවඩ මතින්නොතබ ගත් මුත් කිසිත් ගුරු මුෂ්ටියක්කට ගානු පෙර දහම් රන් කිරි එදාකිම නෑසුයේ පුංචි අඹ ප්රශ්නයක්එය ම විය උපතත් විපත ද උපන්
මහ ගෙදර දෙපා මුල වෙල අසල දෙනිය පිටනුඹ නිදන වැලි මලුව සිතින් පැදකුනු කරමිකෙත මැදින් ඔහෙ ගලන ගුරු පාර අසබඩ මඇණ තියා ගෙන සිටින සුදු ඉද්ද මල් ලවලහිස බිමට යොමා ගෙන පිනි කඳුලු වසන් කරමද පවනෙ ඉකි බිඳින වැඩි මහලු උණ පඳුරදුක දරා ගනු බැරිව පපුතුරට අත් ගසනවිසල් පත් කීතු වුණ උඩ නියරෙ රඹ යායපසුකරන් පියමනිමි සුදු මලක් අතින් ගෙනනුඹ නිදන මලුව වෙත සිතින් සිය දහස් වරඅහස් ගඟ පිය මනින නෙක විසල් මැදුරු මැදකොළඹ මංමුලා වූ කුරා කුහුඹුවෙකි මම්නෙක බැඳුම් දුක් ගැහැට සිඳියි දිරි පියාපත්ඉගිලෙම් ද කෙසේ මම් සිතූ ලෙස නුඹ වෙතටඉසිඹුවක් ලද සැනින් නැඟී උඩුගම් බසෙකඑනතුරා දකින්නට නුඹ වෙසෙන ඉසව්වටඅවසර ද ඉගිල විත් නුඹේ සුවඳ විඳින්නටනුඹ නිදන සුසුදු වැලි මලුවෙ වැඳ වැටෙන්නට

උදේ හිටන් ගස් කට්ටියේ ගහක් ගානේ යන්නේගහ වටේට පැදකුණු කොට මොනවද මතුරන්නේටිකක් ගිමන් ඇරපන් බං ඔය හැටි වෙහෙසෙන්නේසංසාරේ බෝම දුරයි නෑ කෙළවර වෙන්නේඉර දෙවියෝ රබර් යාය මුදුනින් පායන්නේහේඩාවට යට අපෙ දුක උන්දෑ නෑ දන්නේගල් පොත්තේ දිගෑදිලා තදින් හුස්ම ගන්නේඋඹට බූලෝ තේ තිබහ ද දෙපයේ දැවටෙන්නේරොටී එක්ක ලුණු මිරිසෙනි වේල ගෙවාගන්නේඋඹ ඒකට හොඳ රුසියා මොකෑ මම නොදන්නේඒකයි මම උඹේ කොටහ මුලින් ම බොට දෙන්නේඒත් ඉතින් මම කනකන් උඹ නැහැ නොවැ කන්නේඋඹෙ මන්තර නිසා තමයි පොල් කටු උතුරන්නේවිගහට කිරි අකුළමු බං ඉරත් මුදුන්වෙන්නේඇඟට ගොඩක් අමාරු නම් මොකෑ නොකිය ඉන්නේදෙවරු නොකප ගෙදර යමං හවසට වැහි එන්නේනිකා ඉඳින්! නිකා ඉඳින්! සාවුන් පන්නන්නේකළ පව් මදි හින්ද ද බොල තව ගොඩකර ගන්නේඇඳිරිවෙලයි සොපි අක්කා ආප්ප පුච්චන්නේඅද නම් සාතිකයි ඔන්න දොළ සංසිඳුවන්නේගලෙන් පහළ දිය පතහේ සීතල උතුරන්නේගිලී නාමු අපි දෙන්නා දාහය සේදෙන්නේගෙදර ගොහින් පැදුර එළං පිලේ දිගෑදෙන්නේනිවන අරන් බැද්ද දිගේ කළුවර ගාටන්නේහතර අතේ කළුවරමයි ඇහේ පටලැවෙන්නේමොකෑ බූලෝ හීන් හඬින් ඔය හැටි කොඳුරන්නේදෙයියෝ බුදුන් සිහිකරලයි මං ඇහැපියවන්නේරබර් යාය පේන ජාමේ තමයි ඇහෑරෙන්නේ