
තල්ලඩි හංදියට උඩින්
මන්දාරම් අහස දිගේ
පෑයූ දේදුනු පාලම
කොච්චර නම් ලස්සනයි ද?
සිරි සිරි සිරි පොද වැස්සේ
විදිලි අකුණු ගෙරවුම් මැද
වගක් නැතිව හිනැහෙන කොට
කොච්චර නම් ලස්සනයි ද?
වෙඩි වැදිලා මහ කුලුනට
පාට හතම සී සී කඩ
විසිර ගියේ සිහිනෙන් නම්
කොච්චර නම් ලස්සනයි ද?
2 comments:
ජයාරූපය...සිතුවිල්ල.. හැමදේටම කියන්න තියෙන්නේ එකම එක වචනයයි. "අපූරුයි"
දැක කව්
රස හව්
වැකි ලිව්
තුටු මැව්
Post a Comment