2012/04/28

තැවිලි



නුවර ඇඟලුම් කම්හලේ
සළු වියන නිමලා නංගියේ
සනුහරේ මගේ සිටු කුලේ
මා නුඹෙ ලොවින් පිටමං කළේ

නිදිවරා තුන්තිස් පැයේ
නුඹ යෞවනය වියදම් කළේ
සඳළුතලයට මන්දිරේ
මගෙ නුඹ නොවෙයි නිමලා වුණේ

ගොතන මුත් සළු බුහුටියේ
නුඹෙ ජීවිතේ කඩතොලු පෙනේ
ප්‍රේමයට සැළමුතු අපේ
ඒ නිසයි හිරු සඳු නොනැගුණේ

2 comments:

වැසි දැරිය - The Rain Girl said...

හුගක් දැනෙන කවියක්.රත්න ශ්‍රී විජේසිංහගේ නිර්මලා.. මතක් වුණා.

මකරන්ද said...

ස්තුතියි! වහින්න ආයෙමත්, හෙමින් සැරේ හිරි පොදක් වගේ.