2008/07/07

හෙමින් සැරේ











නුඹ හෙමින් සැරේ හෙමින් සැරේ ආවා
පුරපස අහසට සඳට වඩා
සුනිල දියට සියපතට වඩා
හෙමින් සැරේ හෙමින් සැරේ නුඹ ආවා

වැසි කදුලක් නොම ලද අහසින්
ලිහිණි සරින් ගීයක් ඇසුණා
ඒ රන් ස්වරයෙන් මා සිත් අරණේ
සිය සිය දහසින් මල් පිපුණා . . .

අත්තටු හිමි මුත් අහස අහිමි මා
සිරකළ කුටියේ දොර හැරුණා
අහස මගෙයි මා ඉගිලී යන සඳ
හිරු සඳු වී නුඹ ළඟ සිටිනා . . .

2 comments:

Kasun said...

නියමයි!

මකරන්ද said...

කවියට හුරු හිතැති
අය මෙහි නිතර යති එති
මකරන්ද සුවඳැති
නුඹ නමින් කවියට නැඟෙනු ඇති