නුවර ඇඟලුම් කම්හලේ
සළු වියන නිමලා නංගියේ
සනුහරේ මගේ සිටු කුලේ
මා නුඹෙ ලොවින් පිටමං කළේ
නිදිවරා තුන්තිස් පැයේ
නුඹ යෞවනය වියදම් කළේ
සඳළුතලයට මන්දිරේ
මගෙ නුඹ නොවෙයි නිමලා වුණේ
ගොතන මුත් සළු බුහුටියේ
නුඹෙ ජීවිතේ කඩතොලු පෙනේ
ප්‍රේමයට සැළමුතු අපේ
ඒ නිසයි හිරු සඳු නොනැගුණේ









