මඟ බලමි
මලට මකරන්ද වෙන්නටසඳට සඳ එළිය දෙන්නටකොළොම්තොටින් හනික එන්නමා හද කිරි උතුරන්නටකඳු ඉනිවැට පියමං කරඑන තුරු නුඹ පොඩි අහසටකුමුදු කැකුළ මඟ බලාවිඋළුවස්සට බර දී ගෙනඋඩුගං බසයෙන් බැහැලාකඩුල්ල ළඟ පූදින සඳඇතෙක් බරට සතුට ගලයිපොඩි කැදැල්ල දෙගොඩ තලාමුමුන මුමුන තෙපුල් නේකදැවැටි දැවැටි සුසුම් පාසපාන නිවා නිල් තරු කැටතුරුල් වේවි සඳ පපු'තුර
4 comments:
හරිම සෞන්දර්යාත්මකයි.
ඒ නිසාම අර උළුවස්ස උඩ ඉන්න "කුමුදු කැකුළ"ට දැනෙන දේ අපටත් දැනෙනවා.
දිගටම ලියන්න දිරි පතනවා. ජය !
හරිම ලස්සනයි.
සෙත්.
කොලොම් තොටින් ගොඩ බැසලා
පිය මනිනා සහෘදයනි
පිළිගන්නට පෙරමග එයි
දයාබරව ඔබෙ පෙමිවතිය
ලස්සනයි සුභ පැතුම්.
මහ කවි සභා මැද
අමා කව් රස විඳ විඳ
අත දරු මා බොළඳ
ලියූ කව එතරම් ම මිහිරි ද?
Post a Comment