අබිනික්මන
සුවඳ කැවූ පෙම් පත්වල සීදේවීදකින දකින හීනේ පින්සර දේවීබොළඳ තෙපුල් බොල් සුළඟේ ගොස් පාවීකුලගේ දුක'ඳුරේ අද ඈ මූදේවීනිලුපුල් දෙපෙති රතු වූයේ හඬා හඬාසිසිවත වසා ලප මතු විය වඩා වඩාකනකර බරණ උදුරා ගෙන කඩා වඩාඅසුපිට නැගී සුරලොව යයි සුරා සොඬානපුරු හීන දැක රෑ යම වැලපෙනාදෑලේ හොවා ගෙන ජාලිය ක්රිෂ්ණජිනාගිනිහුල දියේ ලෑ යළි අතට ගෙන මනාබැස හැර යන්න පිල්කඩ අසල නැවතුණාසොඳුරු සිහින හළු කොට නැඟී බුර පුරාගෙයි ගිනි පිට නොදී තනිවම සිතේ දරාඉහිරී පතිකුලය උණු කඳුලු පෙර පෙරාඅබිනික්මන් කළා අවසන යසෝදරා
4 comments:
අපූරුයි වගේම ලස්සනයි.
කව් මී බඳින්නම්
මකරන්ද ඉන් පුරවන්නම්
සබඳ එනතුරා මම්
කඩුල්ලේ ඇස තියා ඉන්නම්
හැබැවටම ලස්සන කවි පංතියක් :)
Post a Comment