පෙරදා අප සතුටු පලස් මතින පෙමින්ආදරයේ සුළං රොදක වෙලී නොමින්ඇවිද ගියා මතකයි මට ඔබේ ළගින්තුම්මුල්ලේ බුදු හිමියනි වඩන බවුන්ඉපිලි ගියත් මා හද රූ සඳින් ගඳින්බැලුවා මතකයි ඔබ දෙස මහත් බැතින්එකල මවෙත ලූ බුදු නෙත් පහන් මැදින්නොදුටු පරම තතු දකිනෙමි මෙදා සොඳින්ඉන්ද්රඛීලයක් වාගේ ගිරග නැගීබලා සිටි ඔබ මා දෙස කුළුණු මෙතින්සැපට මෙන් ම දුකටද සම සිතින් නිතින්නොසැලි ඉන්නට දෙසු බව මතක තියේරිදෙන දෙපා පිරිමදිමින් සෙමින් සිතින්තනිව යනෙන විට මා දැන් නුඹේ ළඟින්නොමළ ගෙයින් අබ සොයන්ට නොහැකි බැවින්හොරෙන් බලමි නුඹ දෙස පසුතැවෙන ඇසින්