විකසිතව මල් විහඟ ස්වරයෙන් තුරු පතරගයයි ආසිරි ගීත සුළඟ හා අති මධුරජීවිතේ වසන්තය රැගෙන එන මල් පොකුරදෝතින් ම පිළිගන්න ! සහස් සුපැතුම් අතරපළඳා තුටු කඳුළක් හිරු සඳුගේ නෙත් අතරමිතුරු නෑසිය මුවින් නැඟෙන ආසිරි අතරඋදාවන දින අදයි ජීවිතේ නව වසරමිණි පහන නුඹ වෙන්න ! පිය නඟන කුල ගෙදර
ඈත හිමේ සිය ගව්දුර වෙසෙන්නෙමිදෑස තෙමෙන තුරු තනිවම හඬන්නෙමිඋල ලේනියට මම මගේ දුක කියන්නෙමිනුඹට සතුට සැනසුම නිති පතන්නෙමිරෝස කැකුළු සඳ වතුරින් දොවන්නෙමිපරිස්සමින් පෙති විකසිත කරන්නෙමිතුරුළු කරන් මල් රැය රැක බලන්නෙමිඑමල් පොකුරු නුඹ පෙර මග තබන්නෙමිසුරඟන ලොවින් අම මී ගී ගෙනෙන්නෙමිවිහඟ තුඩට ඒ මී පැණි පොවන්නෙමිසෙත් පිරිතක් වී නුඹෙ කන වැකෙන්නෙමිමල් පාවඩ යටින් සැතපී සිටින්නෙමිඅඳුරු රැයට නුඹෙ අහසට මුදුන්වෙමිකඳුළක් එතොත් මේ කුලකට මුවාවෙමිපොහොය විලස නුඹ වෙනුවෙන් සිනාසෙමිඅරුණෝදයේ හෙමි හෙමිහිට වහංවෙමි
පෙරදා හිරු නැඟෙන පැයේ
සරසා සුදුවතින් සිතද
පැමිණිය පාසැල වෙත අද
නොකල්හි පියනඟමි මෙලෙස
අට ලෝ දම ළඟ නොසැලී
සිටිනා උවැසියක විලස
අකම්පිතව පාසැල් මව
පෙර මඟ නෙත් යොමා සිටී
තේ කම්හල් කඳු පාමුළ
පාසැල වෙත ගලා බසින
අකුලහේන පාරද අද
සුදු ඇඳ ගත් උවැසියක්ය
ඉර ගින්නෙන් මිදෙනු පිණිස
සෙවනැලි පා යට සැඟවුණ
මඟ දෑලේ ළමෝ දෙපෙළ
නිසොල්මන්ව බලා සිටිත්
පාපැදියක නැඟ පෙරදා
පාසැල වෙත ආ ඔබ අද
පැමිණෙයි රිය පෙළක් මැදින්
ආඩම්බර ලීලාවෙන්
සහස් වරක් ඔබේ මුවින්
ගැලූ දහම් ගඟුලම සරි
අනියත දම් බිඳ දෙසන්ට
අවසන මෙහි පැමිණියෙහි ද
සියලු ලෝ දහම් නොතිරය
දුකය කියූ ඔබේ වදනට
සැඟවිය හැකි මුත් කඳුලැලි
සිත උල ලේනියක් වැනිය
බැස යන හිරු සමග එක්ව
ගම හැර යන ඔබ පසුපස
උඩලමත්තේ හංදිය වෙත
ගලා බසියි සුදු පෙරහැර
සිඳුණු වැවක සොබාව ගත්
අමරසේකරට පුදකළ
සාලාවෙන් එකල නැගිණි
පෙර නොඇසූ විරූ බණක්